May 10, 2024

රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් ත්‍රිවිධ හමුදා ඉවතට?

February 15, 2015

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට අයත් බලතල හා කාර්යයන් නියම කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අදාල ඇමතිවරයාට අයත් වන්නේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක සේවා විද්‍යාලය සහ ජාතික ශිෂ්‍යභට බලකායට අයත් අණ පනත් ක්‍රියාත්මක කිරීම, නියාමනය සහ පරිපාලනය කිරීම බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැත.

කෙසේ වෙතත් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පසුගියදා උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සිදුකල සංචාරයකින් පසුව මෙම ගැසට් නිවේදනය සිදු වීම විශේෂයකි.

Rate this item
(0 votes)