May 10, 2024

“මිනිස්‌සුන්ට සේවය කරන්න ඕන“ - දුල්මිණි අත්තනායක (VIDEO)

තවම දේශපාලනයට පැමිණීමට සිතා නොමැති බවත් නමුත් මිනිස්‌සුන්ට සේවය කිරීමට අවශ්‍යතාව ඇති බවත් දුල්මිණි අත්තනායක මෙනවිය පැවසුවාය.

දේශපාලනයට පැමිණීමට තමන් කැමති නැති බවත් තම පියාද ඊට අකමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවිය සඳහන් කළාය.

ඇය ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්මෙවින් මේ බව ප්‍රකාශ කර ඇත.

එම සම්මුඛ සාකච්ඡාව පහතින් දැක්වේ.

ප්‍රශ්නය - දුල්මිණි දැන් හරි ජනප්‍රියයිනේ. ෆේස්‌ බුක්‌ එකේ ඔයා ගැන ගොඩක්‌ විස්‌තර සඳහන් වෙලා තිබුණා. ඒවා දැක්‌කාද.......?

පිළිතුර - මම ඒවා දැක්‌කා. සමහර අය මඩ ගහලත් තිබුණා. අපිට ඒවා හොඳට පුරුදුයි. මම ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් හැමෝම මගෙන් අහනවා දේශපාලනයට එනවාද කියලා.

ප්‍රශ්නය - පරම්පරාවෙන් දේශපාලනය කිරීම බොහෝවිට දකින්නට පුළුවන් දෙයක්‌. දැන් ඔබත් ජනප්‍රිය නිසා දේශපාලනයට එන්න එහෙම අදහසක්‌ නැද්ද.......? 

පිළිතුර - මම දැන් ඉගෙන ගෙන ඉවර වුණා විතරයි. මම බ්‍රිතාන්‍යයේදී කළමනාකරණ උපාධිය හැදැරුවා. තාම මම දේශපාලනයට එන්න හිතලා නැහැ. එහෙම එන්න මට අවශ්‍යත් නැහැ. හැබැයි මට මිනිස්‌සුන්ට සේවය කරන්න ඕනේ. ඒකට දේශපාලනයම ඕනේ නැහැනේ. මට සමාජ සේවා සංවිධානයක්‌ හදාගෙන හරි ඒක කරන්න පුළුවන්. හැමෝම මගෙන් අහන්නේ දේශපාලනයට එනවද කියලයි. මම නම් ඒකට කැමැති නැහැ. අප්පච්චි කැමැතිත් නැහැ.

හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිරගත වූ අවස්ථාවේ මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ ඔහුගේ දියණිය දුල්මිණි අත්තනායක මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධියට පත් වී ඇත.

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 05:59