May 10, 2024

නිදහස් පක්ෂයේ වෙනසක් - ජාතික සංවිධායක සුසිල් 

February 14, 2015

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පත්කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම අද (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දි රැස්විය. 

ඒ අනුව උප සභාපති ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, භාණ්ඩාගාරික ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී නාවින්න සහ මහලේකම් ධුරය සඳහා නැවත වරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර පි‍්‍රයදර්ශන යාපා පත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

අදාළ තිරණය දැන් පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව වෙත යොමුකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

අනුශාසකවරු ලෙස හිටපු ජනාධිපතිරුන් මෙන්ම අගමැතිවරුන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අලෙවි මව්ලනා මහතාද පත් කිරීමට අද තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 February 2015 01:04