April 27, 2024

ප්ලාස්ටික් සැත්කමට පසු හඳුනාගැනීමේ සහතිකයක්

කුණු කොරියාව ප්ලාස්ටික් සැත්කම් සඳහා ලොව ජනප්‍රියම රටක් වන අතර එරට වෛද්‍යවරුන්ගේ දක්ෂතා හේතුවන් චීනය සහ ජපානය වැනි රටවලින් බොහෝ විදේශිකයෝ සුරූපී වතක් හිමිකර ගැනීමේ අටියෙන් දකුණු කොරියාවට පැමිණෙති.මෙලෙස දකුණු කොරියාවෙන් ප්ලාස්ටික් සැත්කමක් කරගැනීමෙන් අනතුරුව සමහර විදේශිකයන්ගේ මුහුණු කෙතරම් වෙනස් වනවාද යත් , ඔවුන්ට සිය රටට නැවත ඇතුල් වීමට බධා පැමිණෙන අවස්ථාද නැත්තේම නොවේ.

එසේ සිදුවන්නේ ඔවුන්ගේ මුහුණු විදේශ ගමන් බල පත්‍රයේ එන ඡායාරූපයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබීම නිසා වේ.මෙම ගැටළුවට විසඳුමක් ලෙස කොරියාවේ රෝහල් එලෙස ප්ලාස්ටික් සැත්කම් වලට භාජනය වන විදේශිකයන් සඳහා විශේෂ හඳුනාගැනීමේ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.'ප්ලාස්ටික් සැත්කම් සහතිකය' ලෙස හැඳින්වෙන එහි අදාළ විදේශිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකයත්, රෝහලේ රැඳී සිටි කාලයත්, රෝහලේ නම සහ ලිපිනයත් සඳහන් වේ.එම සහතික පත්‍රය යොදාගෙන විදෙශිකයන්ට කරදරයකින් තොරව සිය මව් බිමට ඇතුල් වීමේ හැකියාව ලැබේ

(සුදේශ් කරුණාතිලක )

 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 April 2014 14:56