April 27, 2024

ගඩාපිගේ පුත්‍රයාට නඩු

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි ගේ පුත් සායිෆ් අල් ඉස්ලාම් ට එරෙහි නඩු විභාගය ලිබියාවේ ට්‍රිපොලි අගනුවරදී ආරම්භ වූ බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

වසර 2011 දී තම පියා බලයෙන් පහ කෙරුණු මහජන විප්ලවය සිදු වෙද්දී යුධ අපරාධ සිදු කළ බවට චෝදනා ගොනු කර සායිෆ් අල් ඉස්ලාම්ට නඩු පවරා තිබේ.

මීට අමතරව ඔහුට වංචා සහ දූෂණ චෝදනා ද ගොනු කර ඇති බවත් නඩු විභාගය සඳහා ගඩාෆිගේ පුත්‍රයා උසාවියට ගෙනැවිත් නොතිබුණ අතර ඔහු සිර මැදිරියේ සිට අන්තර්ජාලය හරහා නඩු විභාගයට සම්බන්ධ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් විසි හත් වැනිදාට යළි නඩු විභාගය කැඳවීමට නියමිතයි.

Rate this item
(0 votes)