April 26, 2024

හිලරි ක්ලින්ටන්ට සපත්තු ප්‍රහාරයක් 

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ලාස් වේගාස්හි පැවති සමුළුවක් අමතමින් සිටියදී අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියට සපත්තු ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවක් විසින් එල්ල කළ අදාල සපත්තු ප්‍රහාරය හිලරි ක්ලින්ටන් මහත්මියගේ ශරීරයෙහි නොගැටුණු අතර එම ප්‍රහාරය එල්ල කළ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත් විය.

හිලරි ක්ලින්ටන් යනු අමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ යි.

Rate this item
(0 votes)