April 28, 2024

ලෝකෙටම පේන්න කණට ගැසූ නළුවාට වසර දහයක තහනමක්

94 වැනි ඔස්කා සම්මාන උළෙලේ වඩාත් අවධානය යොමු වූයේ ජනප්‍රිය නළු විල් ස්මිත් (WILL SMITH) වෙතයි.

ඒ ඔහු එම සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීම නිසාම නොවෙයි.

කනේ පහර

මේ එම සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් (CHRIS ROCK) හට කනේ පහරක් එල්ල කිරීම නිසා.

ඒ රෝගී තත්ත්වයක් නිසා හිස මුඩු කර තිබෙන සිය බිරිදගේ එම හිස මුඩු කර තිබීම විහිලුවට ගත් නිසා.

නිවේදකයාට පහරදීම සම්බන්ධයෙන් විල් ස්මිත් ඔස්කා සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලයේ පසුව සමාව ගත්තා.

සංවිධායක මඩුල්ල

එහෙත් එම සංවිධායක මණ්ඩලය මේ වන විට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන තිබෙනවා.

ඒ ඔස්කා සම්මාන උළෙල ඇතුළු අන් සම්මාන උළෙලවල් සඳහා විල් සුමිත් හට සහභාගි වීම වසර දහයකට තහනම් කරමින්.

එම තීරණය ගැන ලැබුවේ මෝසන් චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමියේ සංවිධායක මඩුල්ල විසින් ඊයේ (8) රැස් වූ අවස්ථාවේ.

හොඳම නළුවා

එම සංවිධායක මඩුල්ල එම තීරණ ගනු ලැබුවේ විල් ස්මිත් විසින් එම ඇකඩමියේ විශ්වාසය යළි ගොඩනැගීම යන කරුණ පදනම් කොටගෙන.

නිවේදකයාට කනේ පහර දී අඩ හෝරාවක් ගත වීමටත් මත්තෙන් විල් ස්මිත් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ කිං රිචඩ් (KING RICHARD) චිත්‍රපටයේ කළ රඟපෑම වෙනුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 April 2022 10:32