April 28, 2024

රුසියා - යුක්රේන සටන් විරාමයක් සඳහා සාකච්ඡා අද තුර්කියේදී

දින 34 ක් තුළ දැවැන්ත විනාශයක් කළ රුසියාවේ යුක්රේන ආක්‍රමණය මත ඇති වූ යුද්ධයට සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා අද (29) තුර්කියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡා සඳහා තුර්කිය පහසුකම් සපයන්නා ලෙස ඉදිරිපත්ව ඇති අතර එම සාකච්ඡා සඳහා ප්‍රථමයෙන් රුසියානු බලධාරීන්ද ඉන් පසුව යුක්රේන බලධාරීන්ද පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙසතියකට පසු

තුර්කියේ අගනුවර වන ඉස්තාන්බුල් නගරයේ මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ දෙපාර්ශ්වය අතර අවසන් වරට සාකච්ඡා පවත්වා සති දෙකකට පමණ පසුයි.

එම සාකච්ඡා වල පහසුකම් සපයන්නා වූයේ බෙලොරුසියාව වූ අතර එම සාකච්ඡා පැවැත්වුණේ බෙලොරුසියාව හා යුක්රේනය අතර දේශ සීමා ආසන්නයේදී.

අද (29) ඇරඹෙන සාකච්ඡාවලදී දෙපාර්ශ්වය සටන් විරාමයකට එළඹීමට ඇති අවස්ථා ඉතා අවම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැඩි ස්ථාවරයන්

ඒ රුසියා හා යුක්රේන ජනපතිවරුන් දෙදෙනාව දැඩි ස්ථාවරයන්හි සිටීම නිසා.

ඒ හැරුණු කොට මෙම සාකච්ඡා සාකච්ඡා සඳහා පැමිණ තිබෙන්නේ දෙරටේ විදේශ අමාත්‍යවරුන් නොවන අතර දෙරටේම ජනපතිවරුන්ගේ විශේෂ උපදේශකයන් වීමද සාකච්ඡා සාර්ථක වීමට බාධාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර රුසියාවට එරෙහි සම්බාධක විශේෂයෙන්ම තෙල් මුල් කොටගත් සම්බාධක දැඩි කරන ලෙස යුක්රේන ජනපතිවරයා ලෝක බලවතුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

රුසියාවෙන් පැනවූ කොන්දේසි

යුද්ධය අවසන් කොට රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත්කර ගැනීම සඳහා රුසියානු ජනපතිවරයා කොන්දේසි මාලාවක් පනවා ඇති අතර ඉන් එක් කොන්දේසියකට පමණක් යුක්රේන ජනපතිවරයා එකඟ වී තිබෙනවා.

ඒත් කොන්දේසි කිහිපයක් සමඟින්.

යුක්රේන ජනපතිවරයා එසේ එකඟ වී තිබෙන්නේ සිය රට යුධමය වශයෙන් කිසිදු රටක් සමග සන්ධාන ගත නොවන බවටයි.

එහෙත් එයද ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු පවසන යුක්රේන ජනපතිවරයා ඊට පෙර රුසියානු හමුදා යුක්රේනියාවෙන් ඉවත් විය යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 10:38