April 28, 2024

උතුරු කොරියාවේ පොඩි කොල්ලා කිම් ඇමරිකාවට යවන්න හැකි මිසයිලයක් හදයි

උතුරු කොරියාව ප්‍රකාශයක් කොට තිබෙනවා.

ඒ දේශ සීමා තරණය කළ හැකියි විශාලතම බැලැස්ටික් මිසයිලය ඊයේ (24) සාර්ථකව අත්හදා බැලූ බවට.

දුරදිග ඉලක්ක

හවාසෝන්ග් - 17 (HWASONG) නමින් හැඳින්වෙන එම මිසයිලය ප්‍රථම වරට උතුරු කොරියාව ප්‍රදර්ශනය කරනු ලැබුවේ 2020 වර්ෂයේදී.

එම මිසයිලයට දුරදිග ඉලක්ක කරා ගමන් කිරීමට හැකි බව පෙන්වා දෙන උතුරු කොරියාව ඊට ඇමරිකාවට පවා ළඟා විය හැකි බවයි සඳහන් කරන්නේ.

උතුරු කොරියාව මෙසේ මිසයිල අත්හදා බැලීම කරනු ලද්දේ ඊට පනවා ඇති ජාත්‍යන්තර තහනම නොතකායි.

පුද්ගලික මැදිහත් වීම

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ රාජ්‍ය නායකයා කිම් ජෝන්ග්-අන් (KIM JONG-UN) විසින්ම මෙම මිසයිලය අත්හදා බැලීමට පුද්ගලිකවම මැදිහත් වූ බවයි.

මෙම මිසයිලය න්‍යෂ්ටික යුද්ධයකදී අත්‍යවශ්‍ය වන බවයි උතුරු කොරියානු මතය වන්නේ.

ජාත්‍යන්තර සාමය සදහා වූ සංවිධානයක ප්‍රකාශකයෙකු අන්කිත් පන්ඩා (ANKIT PANDA) මෙම මිසයිල අත්හදා බැලීම හඳුන්වාදී තිබෙන්නේ උතුරු කොරියාව ළඟා වූ විශිෂ්ට ඉලක්කයක් ලෙසයි.

අසල් වැසි රටවල්

උතුරු කොරියාව විසින් ඊයේ (24) කරන ලද මිසයිල අත්හදා බැලීම ජපානය සහ දකුණු කොරියාව නිරික්ෂණය කොට තිබෙනවා.

ජපාන නිලධාරීන් සඳහන් කරන්නේ එම මිසයිලය පැයකට වැඩි කාලයක් උඩු ගුවනේ ගමන් කොට කිලෝ මීටර් 6000 (සැතපුම් 3728) දුරක් ගොස් සිය මුහුදු සීමාවට වැටුණු බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2022 19:37