April 27, 2024

චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි: ලක්ෂ 45 ක් සමග නගරයක් වසා දමයි

කොවිඩ් - 19 ලෝකයට දායාද කළ චීනය යළිත් කොවිඩ් වසංගත හිස එසවීමකට මුහුණ දී සිටිනවා.

වසර දෙකකට පසු වාර්තා වන දරුණුතම කොවිඩ් වසංගත ව්‍යාප්ත වීමේ තත්ත්වයකට චීනය දී සිටීම මත ජිලිල් (JILIL) ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන ජිලින් (JILIN) නගරය වසා දමා තිබෙනවා.

නිවාස අඩස්සිය

මේ පෙරේදා (20) සිට.

ඒ අනුව එම නගරවාසීන්ට දින තුනක් නිවස තුළට වී සිටිමේ නියෝගයක් එම නගරයේ නිලධාරීන් විසින් නිකුත් කොට තිබෙනවා.

වසා දැමූ මෙම නගරයේ ලක්ෂ 45 ක ජනතාවක් ජීවත් වනවා.

යලි ව්‍යාප්ත වීම

පසුගිය මාස කිහිපය තුළ චීන බලධාරීන් විසින් දමා තිබූ සෞඛ්‍ය ආරක්ෂක ආරක්ෂක කඩාගෙන ඕමික්‍රෝන් (OMICRON) නගර කිහිපයක ව්‍යාප්ත වී තිබෙනවා.

පෙරේදා (20) නව ඕමික්‍රෝන් ආසාදිතයින් 4,000 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඉන් තුනෙන් දෙකක්ම වසා දැමූ ජිලිල් ප්‍රාන්තයේ ජීවත්වන්නන්.

එම ප්‍රාන්තයේ පිහිටා තිබෙන්නේ රුසියාව සහ උතුරු කොරියා දේශසීමාවන්ට යාබදවයි.

දින දෙකකට වරක්

වසා දමන ලද ජිලින් නගරයේ අගනුවර වන චං චුං (CHANGCHUN) හි ලක්ෂ 90 ක පමණ ජනතාවක් ජීවත් වන අතර ඔවුනට ඉකුත් මාර්තු 11 සිටම යම් යම් සීමා පනවා තිබුණා.

ඒ අනුව දින දෙකකට වරක් නිවසට අවශ්‍ය ආහාර පමණක් ලබා ගැනීම සඳහා විදියට යෑමටයි අවසර දී තිබුණේ.

මේ වන විට එම තත්ත්වයද තවත් දැඩි කරමින් දින තුනක් සඳහා සම්පූර්ණයෙන්ම එම නගරය ඇතුළු එම ප්‍රාන්තයේ බොහෝ ගීත තුනකට නගර වසා දමා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 09:38