April 28, 2024

රුසියාවට බරපතළ යුද අපරාධ චෝදනා: තවත් සම්බාධක සූදානම්

මේ වන විට යුරෝපා සංගමයේ සාමාජික රටවල විදේශ කටයුතු ඇමතිවරුන්ගේ රැස්වීමක් බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙනවා.

එහි විශේෂ අවධානය යොමු කර තිබෙන්නේ රුසියාවේ යුක්රේනියානු ආක්‍රමණය පිළිබඳවයි.

දරුණු අපරාධය

එම රැස්වීමේදී අදහස් දක්වා ඇති යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් (JOSEP BORRELL) රුසියාව විසින් යුක්රේනියානු වරාය නගරයක් වන මරියුපොල් (MARIUPOL) වෙත එල්ල කළ ප්‍රහාරය ඉතා දරුණු යුද අපරාධයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

එය මුල් කොට ගෙන තවත් සම්බාධක රුසියාවට පැනවිය යුතු බව එම රැස්වීමේ සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

සමූල ඝාතන

එම නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයේදී සියල්ල විනාශ කළ බව සදහන් කරන බොරෙල්l සියල්ලන්ටම බෝම්බ දමමින් එකම නගරයේ සිටි සියල්ලන්ම ඝාතනය කළ බව පෙන්වා දෙනවා.

රුසියාව විසින් යුක්රේනයාව ආක්‍රමණය කොට අදට (21) දින 26ක් වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 09:36