May 02, 2024

රුසියන් ප්‍රහාරයකින් යුක්‍රේනයේ දී ඉන්දීය ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට

ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ඉන්දීය ශිෂ්‍යයා අද (01) උදෑසන මියගොස් ඇති අතර තවමත් යුක්‍රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ යෙහෙලියක වන තවත් ඉන්දීය ශිෂ්‍යාවක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ නවීන් ශේකර්අප්පා නම් සිය මිතුරා උදෑසන ඔහු රැඳී සිටි උමං දුම්රිය මගේ සිට පිටතට පැමිණ එහි සිටි අනෙක් මිතුරන්ට ආහාරයට යමක් රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි.

යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුම් ඇවිලීමෙන් පසුව යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශික ශිෂ්‍යයකු මියගිය බවට වාර්තා වූ පළමු අවස්ථාව ද මෙයයි.

යුක්‍රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු උසස් අධ්‍යාපනය ලබන අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුම් ඇවිලීමත් සමග එම සිසුන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගත්තා.

Rate this item
(0 votes)