May 02, 2024

රුසියාවේ උදව්වටත් රටක් ඉදිරිපත් වෙයි

රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කිරීම නිසා ඇති වූ රුසියා - යුක්රේනියානු යුද්ධය මේ වන විට වඩා දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා.

දෙපාර්ශ්වයටම බාහිර රටවලින් යුද ආධාර ලැබීම ඉටු එක් හේතුවක්.

දෙපැත්තටම ආධාර

මේ වන විට ඇමරිකාව , ජර්මනිය ප්‍රමුඛ ඇමරිකා යුරෝපා රටවල් යුක්රේනියාවට ඉතා නවීන යුද ආම්පන්න සපයමින් තිබෙන බව ප්‍රකට කරුණක්.

ඒ අතරතුර ආක්‍රමණිකයා වූ රුසියාවේ අසල්වැසියා වන බෙලොරැස් (බෙලොරුසියාව) රාජ්‍යයද රුසියාවට යුධ ආධාර සහ හමුදා ශක්තිය සැපයීමට ඉදිරිපත්ව තිබෙනවා.

අවශ්‍ය ඕනෑම විටෙක සිය හමුදා සහය ලබාදීමට බෙලොරුසියාව සූදානම් බව එහි පාලකයා රුසියාවට දැනුම්දී තිබෙනවා.

අසල්වැසියාගේ උපකාරය

රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කිරීමට පෙර සිය හමුදා නතර කර තිබුණේත් ආක්‍රමණය සඳහා යුක්රේනියාවට ඇතුල් වූයේත් බෙලොරැස් රාජ්‍ය හරහායි.

ඊයේ 28 දෙපාර්ශවය අතර පැවැත් වූ සාකච්ඡා වල පහසුකම් සපයන්නා ලෙස කටයුතු කළේත් බෙලොරැස් රාජ්‍යයයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 18:42