May 02, 2024

ඇමරිකාවේ සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් 12 නෙරපයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට සම්බන්ධ වී සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් 12 දෙනකු නෙරපා හැරීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එම 12 දෙනා රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නියැලුණු බවට චෝදනා නගමින්.

එම තාන්ත්‍රික නිලධාරීන් 12 දෙනා ඔවුන්ට ලැබුණු බලතල අවභාවිතයට ලක් කර ඇතැයි ද ඇමෙරිකාව චෝදනා නගා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට එම රුසියන් නියෝජිතයන් කටයුතු කර ඇතැයි ද ඇමෙරිකාව වැඩි දුරටත් පවසා තිබෙනවා.

Rate this item
(0 votes)