May 02, 2024

සාකච්ඡා අවසන් : යුද්ධය දිගටම

රුසියාව හා යුක්රේනය අතර සාකච්ඡා මීට පැය කිහිපයකට පෙර අවසන් වුණා.

ඒ කිසිදු කිසිදු එකඟතාවයක් නොමැතිව.

සාකච්ඡාවේ ප්‍රගතිය

මේ වන විට දෙපාර්ශ්වයම සාකච්ඡාවේ තොරතුරු තම තමන්ගේ රටවල නායකයින්ට දැනුම් දීම සදහා සිය රටවල් බලා ගොස් හමාරයි.

දෙපාර්ශවය අතර සාකච්ඡා වූයේ කුමක්දැයි යන්නත් මේ වන තුරුත් හෙළිදරව් වී නැහැ.

යළිත් ඉතා නුදුරේම තවත් සාකච්ඡා වටයක් පැවැත්වීම සඳහා දෙපාර්ශවයම එකඟ වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන ඉල්ලීම් දෙක

වහාම සටන් විරාමයක් ඇති කර ගැනීම සහ රුසියානු හමුදා යුක්රේනියාවෙන් ඉවත්ව යෑම යුක්රේනියාව පාර්ශවයෙන් සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ ප්‍රධාන ඉල්ලීම් දෙක වුණා.

සාකච්ඡාව පැවැත්වූයේ යුක්රේනියා - බෙලොරැස් දේශ සීමාවේදී.

මේ වන විට යළිත් රුසියාව හා යුක්රේනියාව අතර යුද ගැටුම් උත්සන්න වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 18:40