May 02, 2024

වීසා නැතිව යුක්රේනයට එන්න අවසර දෙයි! යුක්රේන ජනපති ආඳාාවක් නිකුත් කරයි

රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවයි එරට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

යුක්රේන ජනාධිපති සෙලෙස්කි මෙසේ පවසා ඇත්තේ ආඳාාවක් නිකුත් කරමිණි.

රුසියාවත් යුක්රේනයත් අතරේ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ හමුදා නීතියයි.

ජනාධිපති සෙලෙන්ස්කී නිකුත් කළ ආඥාව හමුදා නීතිය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙනවා.

Rate this item
(0 votes)