May 02, 2024

යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් මරුට

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් ඝාතනය කරමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවන් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

12000ක තම චෙච්නියානු සටන්කාමීන් රුසියානු හමුදා සමග එකතු වී යුක්රේන හමුදාවන්ට එරෙහිව යුද වැදීමට සුදානම් බවයි චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගියදා පැවසුවේ.

චෙච්නියානු විශේෂ බළකාය මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව සහ දැඩි අමානුෂික ක‍්‍රියාමාර්ග ගන්නා හමුදාවක් ලෙස ලෝකයේ ප‍්‍රසිද්ධ වී සිටිනවා.

යුක්රේනයට පැමිණ චෙච්නියා විශේෂ බළකා කණ්ඩායමක් ඔවුන් පැමිණ යුද ටැංකි 56 ද සමගින් යුක්රේන හොස්ටොමල් නගරය ආසන්නයේදී යුක්රේන හමුදාවේ මිසයිල ප‍්‍රහාරයකට ලක් ව සුනු විසුණු වී ඇතැයි වාර්තා වනවා.

මෙම කණ්ඩායම යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි බව ඬේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරනවා.

කොපමණ සෙබළු සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි ප‍්‍රකාශ කර නැතත්, මියගිය සෙබළුන් අතර චෙච්නියානු ජෙනරාල් මගෝමෙද් ටුශෙව් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Rate this item
(2 votes)