May 02, 2024

රුසියා - යුක්රේන් සාකච්ඡා ඇරඹේ: අවධානය ප්‍රධාන කරුණු දෙකකට

February 28, 2022

රුසියාව හා යුක්රේනියානු අතර තිබෙන ගැටුම සමථයකට පත්කර ගැනීම සඳහා වූ දෙරට අතර සාකච්ඡා මීට පැය කිහිපයකට පෙර ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2:30 ට පමණ යුක්රේනියානු - බෙලෙරූස් දේශ සීමාවේදී.

යුක්රේනියානු කණ්ඩායම

එම සාකච්ඡාවට යුක්රේනියානු නියෝජිතයන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණි බවයි වාර්තා වන්නේ.

ඊට යුක්රේනියානු ආරක්ෂක අමාත්‍යවරයා , විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජනපති කාර්යාල ප්‍රධානී යන අයද ඇතුළත්ව තිබෙනවා.

එම පිරිස සාකච්ඡා සඳහා පැමිණියේ පෝලන්ත දේශ සීමාව හරහා හෙලිකොප්ටරයකින්.

සාකච්ඡා සඳහා පැමිණි යුක්රේනියානු නියෝජිතයන්ට එරට ජනපති වැල්දිමිර් සොලෙන්ස්කි උපදෙස් දී තිබෙන්නේ කාරණා දෙකක් මුල් කොටගෙන සාකච්ඡා කරන ලෙසටයි.

මූලික කරුණු

ඉන් පළමුවැන්න සටන් විරාමය.

දෙවැන්න රුසියානු හමුදා යුක්‍රේනියාවෙන් ඉවත් කර ගැනීම.

රුසියාව සමග සමග සාකච්ඡා කිරීමට යුක්‍රේනියානු ජනාධිපතිවරයා මුලින්ම කැමැත්ත පළ නොකළද පසුව සාකච්ඡා සඳහා යෑමට ඔහු එකඟ වුණා.

සාකච්ඡා සඳහා පැමිණෙන යුක්‍රේනියානු කණ්ඩායම පැමිණීමේදී මෙන්ම සාකච්ඡා අවසන් කොට නික්ම යද්දී බෙලෙරූස් භූමිය ස්ථානගත කර ඇති සියලුම ගුවන් යානා හා හෙලිකොප්ටර් ගුවන් ගත නොකිරීමට මෙන්ම මිසයිල පද්ධතිය අක්‍රිය කිරීමටත් සාකච්ඡාව සංවිධානය කළ පිරිස් වගකීම භාරගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 03:18