May 06, 2024

ත්‍රස්තයන් අගනුවර අසළටම එයි! තවත් රටක බලය නපුරන් අතට යන ලකුණු!

November 07, 2021

රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉතියෝපියානු රජය පියවර ගෙන තිබෙනවා.

ඒ, රජයට එරෙහිව යුද වැදී සිටින කැරළිකාර හමුදාවන් ඉතියෝපියානු අගනුවර ආසන්නයට පැමිණ ඇති පසුබිමක යි.

කැරළිකාර හමුදාවන් මේවන විට අඩීස් අබාබා අගනුවරට සැතපුම් 200ක් පමණ ලඟා වී ඇති බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරනවා.

මෙම තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළ අගනුවර තත්ත්වය අවිනිෂ්චිත වී ඇති බව යි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් රටවල් කිහිපයක්ම පියවර ගෙන ඇත්තේ ඉතියෝපියාව තුළ සිටින සිය පුරවැසියන් එරටින් ඉවත් කර ගැනීමට යි.

පවතින තත්ත්වය හමුවේ රටෙහි රාජ්‍ය බලය කැරළිකරුවන් අතට යාම වළක්වා ගැනීම සඳහා යළි සේවයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය ඇබී අහ්මඩ් ප්‍රමුඛ රජය විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් ද ඉල්ලා තිබෙනවා.

එමෙන්ම රට බේරා ගැනීම සඳහා ස්වෙච්ඡාවෙන් සටන් බිමට පැමිණෙන ලෙසට ද රජය සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාල වාර්තා පෙන්වා දෙන්නේ ඇබී අහ්මඩ් පාලනය විසින් ඉතියෝපියානු පුරවැසියන් බලහත්කාරයෙන් සටන් බිම වෙත රැගෙන යමින් පවතින බව යි.

එලෙස බලහත්කාරයෙන් රැගෙන යන පිරිස් අතර කුඩා ළමුන් ද සිටින බව එම වාර්තා චෝදනා කරනවා.

එරට උතුරු දිග කඳුකර ප්‍රදේශයේ වසර ගණනක සිට සිවිල් යුද්ධයක් පැවැති නමුත් කැරළිකාර හමුදාවන් ශක්තිමත් ලෙස ඉදිරියට ඇදුණේ පසුගිය සතියක පමණ කාලය තුළ යි.

රජයට එරෙහිව සටන් වදිමින් සිටි කැරළිකාර සංවිධාන 09ක් පමණ මේවන විට එක් වී ඇති බවත්, මේ හේතුවෙන් ඔවුන්ගේ පිරිස් බලය සහ අවි බලය වර්ධනය වී ඇති බවත් පැවසෙනවා.

මේ අතර ඉතියෝපියානු රජයේ හමුදාවේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක් කුඩා ළමුන් කණ්ඩායමක් බස් රථයක පටවාගෙන යන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතිනවා.

යුද පිටියට බලහත්කාරයෙන් ළමුන් රැගෙන යන අයුරු එහි දැක්වෙන බවට යි චෝදනා එල්ල වන්නේ.

කෙසේ වෙතත් එය ව්‍යාජ වීඩියෝවක් බවට ද ඇතැම් පිරිස් මත පළ කොට තිබෙනවා.

එම වීඩියෝව පහතින්..

Rate this item
(2 votes)
Last modified on Sunday, 07 November 2021 15:19