May 05, 2024

ශාරුක් ඛාන්ගේ පුතාගේ සෙල්ෆියක් නිසා ඉන්දියානු පොලීසිය කැළඹෙයි

මත්ද්‍රව්‍ය චෝදනා ලැබ අත්අඩංගුවේ පසුවන ඉන්දියානු සිනමා රජ ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ගේ සෙල්ෆියක් හේතුවෙන් ඉන්දියානු පොලීසිය දැඩි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම ඡායාරූපය ගෙන ඇත්තේ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කේපී ගොසාවී නම් පුද්ගලයෙකු විසිනි.

මේ වන විට අදාළ පුද්ගලයාට රටින් පිටවීම වැළැක්වීම සඳහා ඉන්දියානු පොලීසිය විසින් විදේශ ගමන් තහනමක් පැනවීමටද කටයුතු කර ඇති බවටයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ආර්යන් ඛාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සහ මත්ද්‍රව්‍ය සොයා ගත් අවස්ථාවේ සිටින ස්වාධීන සාක්ෂිකරුවන් 09 දෙනාගෙන් එක් අයෙකු ලෙසද කේපී ගොසාවී නම් කර තිබෙනවා.

මැලේසියාවේ සුපිරි හෝටලයක රැකියා ලබාදෙන බව පවසමින් දැන්වීමක් පළකොට පුද්ගලයෙකුගෙන් මුදල් ලබාගෙන වංචා කිරීම යන චෝදනාවක්ද මොහුට එල්ල වී තිබුණා.

මෙම පුද්ගලයා රටින් පිටවීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ සියලු ගුවන්තොටුපොළ වෙත අවදානයෙන් සිටින ලෙසද ඉන්දියානු පොලීසිය දැනුම්දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 October 2021 07:32