May 18, 2024

වෙනිසියුලාවේ විදුලි පද්ධතියට ත්‍රස්ත ප්‍රහාරයක්

September 13, 2021

වෙනිසියුලාවේ විදුලි බලපද්ධතියට ඊයේ (12) දිනයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවට එරට විදුලි බල ඇමති නෙස්ටර් රිවෙරෝල් පවසා සිටිනවා.

උතුරු අරගුවා ප්‍රාන්තයේ ජෝස් ඒන්ජල් ලාමාස් මහ නගර සභාවේ විදුලි උපපොළක පිපිරීමක් සහ ගින්නක් ඇති වූ බවට අමාත්‍යවරයා විසින් එරට ජාතික රූපවාහිනි සේවයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා තිබුණා.ෙ

මෙම ප්‍රහාරය හේතුවෙන් වෙනිසියුලාවේ සුලියා, මෙරිඩා, ටචිරා, නියුවා එස්පාර්ටා සහ ෆැල්කන් ප්‍රාන්තවලටද විදුලිය අහිමි වී තිබෙන බවද අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියා‍ෙ

අමාත්‍යවරයා තරයේම ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරය වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වන බහු ආකෘති යුද්ධයේ කොටසක ප්‍රතිඵලයක් නිසා සිදුවන්නට ඇති බවයි

යුද්ධයකදී රටක බල ශක්තියට පහර දීම ත්‍රස්තයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පෙන්වා දෙන අමාත්‍යවරයා එවන් කඩකප්පල්කාරී ක්‍රියාවන් සඳහා සටන් වදින බවද ප්‍රකාශ කර සිටියා.

මේ වන විට එරට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 17:08