April 27, 2024

ඔබාමාගේ වෙළෙඳ දැන්වීම ඡායා රුවක් පමණි 

අමෙරිකානු ජානාධිපති බැරැක් ඔබාමා සැම්සුන්ග් ස්මාර්ට් ෆෝන් (SAMSUNG smart phone) වෙළෙඳ දැන්වීමක පෙනී සිටි බවට ලොව පුරා ප්‍රචලිත වුව ද ඔහු එලෙස වෙළෙඳ දැන්වීමක පෙනී නොසිටි බව ධවල මන්දිරය සඳහන් කර තිබේ.

අමෙරිකාවේ බේස් බෝල් ශූරයෙක් වූ ඩේවිඩ් ඕර්ටිස් (David Ortiz) සමග ඔබාමා එම ඡායා රූපයේ පෙනී සිටියේ ය.

David Ortiz ධවල මන්දිරයේ දී ජනාධිපති බැරැක් ඔබාමා හමු වී ඇති අතර එහි දී  ඔහු සිය SAMSUNG දුරකථනයෙන් ජනාධිපතිවරයා සමග ඡායාරූපයක් ගන්නා අයුරු එහි දැක් වේ.

එම ඡායාරූපය David Ortiz විසින් twitter ඔස්සේ ප්‍රචලිත කර ඇති අතර එය ලබාගත් SAMSUNG සමාගම එම ඡායාරූපය SAMSUNG දුරකථනයකින් ලබා ගත් බව කියමින් යළි අන්තර් ජාලය ඔස්සේ පළ කර තිබේ.

Rate this item
(0 votes)