May 20, 2024

Netflix බලන අයට අලුත් වාසියක්

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ වැඩසටහන් සහ චිත්‍රපට නැරඹීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති නෙට්ෆ්ලික්ස් (Netflix) සේවාව නව කටයුත්තකට අත ගැසීමට සූදානම්වන බව වාර්තා වෙනවා.

චිත්‍රපටවලට අමතරව වීඩියෝ ක්‍රීඩා පහසුකම ද සිය සේවාව ඔස්සේ ලබා දීමට යි නෙට්ෆ්ලික්ස්හි අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත් ඒ සඳහා නෙට්ෆ්ලික්ස් සේවාව අමතර ගාස්තුවක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව යි විදෙස් ආරංචි මාර්ග පවසා ඇත්තේ.

ඒ අනුව චිත්‍රපට නැරඹීම සඳහා මුදල් ගෙවා ලබා ගත් සාමාජිකත්වය හරහාම වීඩියෝ ක්‍රීඩා වෙත පිවිසීමට ද නෙට්ෆ්ලික්ස් පරිශීලකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

2022 වසරවන විට ලොව ප්‍රධානතම වීඩියෝ ක්‍රීඩා මෙවලමක් ලෙසට නෙට්ෆ්ලික්ස් පත්වනු ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන්මම හෙළි නොකිරීමට නෙට්ෆ්ලික්ස් සමාගම පරිස්සම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තාක්ෂණික විචාරකයන් අදහස් පළ කරමින් පවසා ඇත්තේ මේ හරහා නෙට්ෆ්ලික්ස්හි ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ යනු ඇති බව යි.

විශේෂයෙන් ළමුන් අතර නෙට්ෆ්ලික්ස් වඩාත් ජනප්‍රියවනු ඇති බවට ඔවුන් අනාවැකි පළ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 08:00