May 18, 2024

රන්ජන් කළ වරදටම හසුවුණු දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති

ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ රාජ්‍ය අරමුදල් අතුරුදහන් කිරීමේ වරදට චෝදනා ලැබ සිටින හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාව අද (29) දිනයේ මාස 15ක සිර දඬුවමක් ලබාදුන්නා.

මෙම තීන්දුව ලබාදී තිබුණේ හිටපු ජනාධිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ වරදටයි.

2009 සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකාව පාලනය කළ සූමා හට දූෂණ විමර්ශනයකදී සාක්ෂි ලබා දෙන ලෙස මීට පෙර අධිකරණය විසින් කර තිබූ නියෝගයක් පැහැර හැරීම ඔහුට එල්ල වී තිබෙන චෝදනාවයි.

සූමාව සිරගෙදරට යැවූ තීන්දුව දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් ලබාදුන් ඓතිහාසික තීන්දුවක් ලෙසද ඉතිහාස ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තීන්දුව අප්‍රිකානු කලාපයටම ආදර්ශයක් වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 20:20