May 04, 2024

ලෝක බලවතා අසරණ කළ ABC මාධ්‍යවේදිනය (VIDEO)

ඊයේ (16) දිනයේ දී ලෝක බලවතුන් දෙදෙනෙකු වන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින්, නොර්වේ ජීනිවා නුවරදී හමුවී ද්වීපාර්ශික සාකච්ඡා පවත්වනු ලැබුවා.

මෙම සාකච්ඡාවලින් පසුව රුසියානු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය හමුවක් පැවැත් වීමට කටයුතු කළා. මෙලෙස පැවැත්වූ මාධ්‍ය හමුවේ විශේෂත්වයක් තිබුණා. මෙම මාධ්‍ය හමුව සඳහා කැඳවා තිබුණේ ඇමෙරිකානු මාධ්‍ය පමණයි, රුසියානු මාධ්‍ය වෙත මෙහි ඉඩක් තිබුණේ නැහැ.

එහිදී එක් මාධ්‍යවේදිනියක් යොමු කළ ප්‍රශ්නයක් ඉදිරියේ රුසියානු ජනාධිපතිවරයා යම් අපහසුතාවයකට පත් වුණු බව දකින්නට ලැබුණා. ඇය නමින් රේචල් ස්කොට්. ඇය ඇමෙරිකානු ABC නාලිකාවේ ප්‍රධාන මාධ්‍යවේදිනියක් වෙනවා.

ජනපතිතුමනි, ඔබ මේ තරම් බය වෙන්නේ කුමකටද?

රුසියානු ජනාධිපතිවරයා විසින් සාකච්ඡාව පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාව ලබාදුන්නා.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඇමෙරිකානු ABC මාධ්‍යවේදී රේචල් ස්කෝට් විසින් විමසා සිටියේ “ජනාධිපතිතුමනි ඔබ කුමකටද බය?” යනුවෙනි. 

නමුත් රුසියානු ජනපති එයට පිළිතුරු දීම සඳහා කටයුතු නොකළ අතර ඔහු විසින් ජනපති ට්‍රම්ප්ගේ පාලන සමය තුළ ඇමෙරිකානු දේශපාලන තිඹිරිගෙයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවත්, බ්ලැක් ලයිව් මැටර් සිදුවීම පිළිබඳවත් කතා කිරීමට පටන් ගත්තා.

රේචල් අවශ්‍යව තිබුණේ රුසියානු ජනාධිපතිවරයා විසින් එරට විපක්ෂ දේශපාලනඥයින් ඉලක්ක ගත කරගෙන සිදුවන බව කියන මර්දනය පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමටයි.

මාධ්‍යවේදිනියගේ ප්‍රශ්නය සවිස්තරාත්මකව

එහිදී රේචල් ස්කෝට් විසින් රුසියානු ජනපතිවරයාගෙන් විමසා සිටියේ මෙවන් කතාවක්,

“ඔබගේ විපක්ෂ දේශපාලනඥයින්ගේ ලැයිස්තුව ගත් විට බොහෝ දෙනෙක් මිය ගිහින්, නැත්නම් වස දී මරා දාලා, නැත්නම් සිර කරලා.. ඔබ දැන් ඔබේ තැන ගන්න එන කෙනෙකුට (සිරගත කර ඇති විපක්ෂ නායක අලෙක්සෙයි නවාලිනි) තරඟ කිරීමට ඇති අවස්ථාව ඔබ වළක්වා තියෙනවා.. ජනාධිපතිතුමනි මගේ ප්‍රශ්නය මේකයි, ඔබ මේ තරම් බය වන්නේ කුමකටද?”

ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රශ්න මඟ හරිමින් පිළිතුරු දුන් අතර පුටින් එහිදී ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයත්, කළු ජාතිකයෙකු මරා දැමීමත් සමඟ ඇති වූ ගැටලුව පිළිබඳව කතා කළ අතර පසුව විපක්ෂ නායකවරයා පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ ඔහු රුසියාව තුළ අන්තවාදී කණ්ඩායමක් ලෙස ක්‍රියාකරමින් සිටින බවයි. 

නමුත් ජනාධිපතිවරයා විසින් රේචල් ස්කෝට්ගේ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

මාධ්‍යවේදිනිය ලෝක බලවතාට අභියෝග කරයි

ජනාධිපතිවරයාගේ සියලු ප්‍රකාශයන් අසා සිටි ABC මාධ්‍යවේදිනිය විසින් ජනාධිපතිවරයාට අභියෝගයක් වෙමින් නැවත වරක් පවසා සිටියේ “ජනාධිපතිතුමනි, ඔබ මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැහැ” යනුවෙනි.

ඇය නවත වරක් පවසා සිටියේ “ඔබගේ සියලු දේශපාලන විරුද්ධවාදීන් මියගොස් තිබේ නම්, සිර ගතව සිටියි නම්, වස පානය කර තිබේ නම් - ඔබට සාධාරණ දේශපාලන සටනක් අවශ්‍ය නොවන බව එයින් අදහස් වෙනවා නේද” යනුවෙන් ඇය එහිදී විමසා සිටියා.

මෙවරද ජනාධිපතිවරයාට එයට පැහැදිළි පිළිතුරක් ලබාදීමට නොහැකි වූ අතර ඔහු විසින් ඇමෙරිකාවේ දේශපාලන කෝලහාල සමඟ රුසියාවේ දේශපාලන විරුද්ධවාදීන් සමඟ සැසඳීමට කටයුතු කළේය. එමෙන්ම එම පිරිස් රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙසද ජනාධිපතිවරයා විසින් පවසා තිබුණා.

ඇය විසින් ජනාධිපතිවරයාට අභියෝග කරන අවස්ථාවේ වීඩියෝ දර්ශනය

රේචල් ස්කෝට් සමාජ මාධ්‍ය වෙතින් පැසසුම්

ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයෙකුට අභියෝගයක් වෙමින් ප්‍රශ්න යොමු කිරීම සම්බන්ධයෙන් රේචල් ස්කෝට් හට ඇමෙරිකානු සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් ඇයව අගයා ඇති තිබේ. ඔවුන්ද පවසා තිබුණේ ජනාධිපතිවරයා හට නිවැරැදිව සහ සාර්ථකව පිළිතුරු දීමට නොහැකි වූ බවත් ඔහු විසින් ප්‍රශ්න මඟ හැරි බවයි.

ධවල මන්දිරයේ ප්‍රධාන මාධ්‍යවේදියෙකු විසින් රේචල් ස්කෝට්ව අගයා ඇති අයුරු

Rate this item
(1 Vote)