May 04, 2024

ලෝකයම බලා සිටි බයිඩන් - පුටින් සාකච්ඡාවේ දී කතා කළ දේවල් මෙන්න

ඊයේ (16) දිනයේ දී පැවැති ලෝක බලවතුන් දෙපළක් වන ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් අතර සාකච්ඡාව පිළිබඳව ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.

සාකච්ඡාව අවාසනාව ජනපති බයිඩන් විසින් පිටත්ව යන අවස්ථාවේදීද ඔහු විසින් මාධ්‍යවේදීන් වෙත මාපට ඇඟිල්ල ඔසවා සියල්ල හොඳින් සිදු වු බවට ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම රුසියානු පාර්ශවය විසින් ද මෙම සාකච්ඡාව ඉතාමත් යහපත් අයුරින් පැවැති බවට ප්‍රකාශ කර තිබුණා.

මෙහිදී දෙරට නිලධාරීන් විසින් කාරණා කිහිපයක් පිළිබඳව පොදු කාරණයන් කිහිපයක් ඔස්සේ සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවට බඳුන් වූ කාරණා පහත අයුරිනි,

ඇමෙරිකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් යළි අරඹමින් තානාපතිවරුන් තෝරා පත්කොට දෙරටට අතර අනුයුක්ත කිරීම.

යුක්රේන අර්බුදය නිමා කිරීම සඳහා මින්ස්ක් ගිවිසුම් මත පදනම් කටයුතු කිරීම.

රුසියානු විදේශ අමාත්‍යංශය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නව ආරම්භක ව්‍යාප්තියෙන් පසු උපායමාර්ගික ආරක්ෂාව පිළිබඳ ඊළඟ පියවර ගැන සාකච්ඡා ආරම්භ කිරීම.

සයිබර් ආරක්ෂණය පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම.

රුසියානු විපක්ෂ දේශපාලක නවාල්නි අත්අඩංගුවට ගැනීම

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා ඝාතකය ලෙස හැඳින්වීම පිළිබඳව පැහැදිළි කිරීම 

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මානව හිමිකම් වාර්තාව ගැන සහ ග්වාන්ටනාමෝ බේ පිළිබඳව

මෙවැනි කාරණයන් කිහිපයක් ඔස්සේ රාජ්‍ය නායකයින් දෙපළ විසින් සාකච්ඡා පැවැත් වූ බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)