May 03, 2024

ජෝ බයිඩන්, ව්ලැද්මියර් පුටින්ව හමු වුණු පළවෙනි පාරම කිව්ව කතාව

ලෝකයේම අවධානය මේ වන විට නොර්වේ ජිනිවා නුවර වෙත හිමිව ඇති බව නිසැකයි. එයට හේතුව වී තිබෙන්නේ ලෝකයේ බලවත්ම නායකයින් දෙදෙනෙකුගේ හමුවීම සිදුවන බැවිනි.

ලෝකයේ ඉතිහාසයට පුරාවටම දැඩි ආන්දෝලනාත්මක මෙන්ම මතභේදාත්මකම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැති රටවල් දෙකක් විදිහට ඇමෙරිකාව සහ රුසියාව හඳුන්වන්න පුළුවන්.

සමහර අවස්ථාවලදී දෙරට අතරම යුද ගැටුම් පවා නිර්මාණය වීමට ගොස් තිබුණා. එවෙන් පසුබිමක් සහිතව මෙම දෙරටේම නායකයින් හමුවීම ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට හැකි දෙයක් බවට පත්වෙලා තියෙනවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් මාධ්‍ය හමුව කිහිපයකදී උණුසුම් අදහස් හුවමාරු කරගත් අතර අද (16) දිනයේ දී හමු වුණු පසුව උණුසුම් ලෙස දෙදෙනා පිළිගනු ලැබුවා.

එහිදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් ව්ලැද්මියර් පුටින් ජනාධිපතිවරයා වෙත පවසා සිටියේ “සෑම අවස්ථාවකම මුහුණට මුහුණ හමුවීම හොඳ දෙයක් යැයි මම සිතනවා..” යනුවෙනි. එයට පිළිතුරු දුන් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ “අපගේ හමුවීම ඵලාදයි දෙයක් වනු ඇති බව මම සිතනවා..” යනුවෙනි.

එමෙන්ම මෙම හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා විසින් ජෝ බයිඩන් ජනාධිපතිවරයාට ස්තූතියිවන්ත වි තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 June 2021 17:55