May 18, 2024

උතුරු කොරියාවේ අනාථ දරුවන් පතල් සේවයට යොදවයි

උතුරු කොරියාවේ අනාථ දරුවන් එරට රාජ්‍ය පතල් සහ ගොවිපොළ සේවයට සුදානම් වෙමින් සිටින බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (කේ.සී.එන්.ඒ) විසින් වාර්තා කර තිබේ.

එහිදී එම මාධ්‍ය වාර්තා කර තිබුණේ එම දරුවන් විසින් ඔවුන්ගේ යෞවන සමයේ ප්‍රඥාව සහ ධෛර්යෙන් රජය වෙනුවෙන් සේවය කිරීමට ඉදිරිපත්ව ඇති බවයි.

මෙම දරුවන්ගේ වයස පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර මාධ්‍ය විසින් වාර්තා කර තිබූ ඡායාරූප අනුව මෙම දරුවන් යෞවන වියේ පසුවන්නන් බවට හෙළිව තිබේ. 

ලෝකයේ ප්‍රධාන පෙළේ මානව හිමිකම් සංවිධානය බොහෝමයක් පසුගිය කාලය තුළද උතුරු කොරියාව ළමා ශ්‍රමය යොදා ගත් බවට චෝදනා කර තිබේ. කේ.සී.එන්.ඒ වාර්තා කරන අන්දමට මේ වන විටත් දරුවන් 700ක් පමණ පතල්, ගොවිපොළ සහ වනාන්නතරවල කරගෙන යනු කටයුතු සඳහා සේවයේ යොදවා ඇත.

මෙවර තවත් දරුවන් 150ක් පමණ මෙලෙස චොන්නෙ ප්‍රදේශයේ ගල් අඟුරු කැණීම් සංකීර්ණය වෙත යවා ඇති බවත් තවත් දරුවන් පිරිසක් ගොවිපොළ සේවය වෙතත් යවා ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම අවුරුදු 16 හෝ 17 අතර ළමුන් අවුරුදු 10 ක කාලයක් සඳහා එරට හමුදාවේ සංවර්ධන කටයුතු සඳහා සේවයේ යොදවන අතර එහිදී බලහත්කාරයෙන් සේවයේ යෙදවීම වැනි අමානුෂික තත්ත්වයන් හේතුවෙන් ශාරීරික තුවාල, මානසික පීඩනයන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ද වාර්තා වන බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

ශිත ඍතුව පවතින කාලය තුළදී මහා මාර්ග හිම ඉවත් කිරීමට පවා පාසල් ළමුන් යොදවන බවටද මානව හිමිකම් සංවිධානයන් විසින් චෝදනා එල්ල කර තිබේ.

කෙසේ වෙතත් උතුරු කොරියාව විසින් මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

ළමා ශ්‍රම බලකාය සඳහා පිටත්ව යන දරුවන් පහතින්,

Rate this item
(8 votes)
Last modified on Saturday, 29 May 2021 21:20