April 26, 2024

ලෝක නායකයන් ජයලලිතා ඉදිරියේ දණ ගස්වයි

 

තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා  ජයරාම් මහත්මියගේ 66 වන උපන් දිනය නිමිත්තෙන් පළාතපුරා ප්‍රදර්ශන රැසක් පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන්  කරයි  .මහින්ද රාජපක්ෂ මහතා සහ ඔබාමා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් ජයලලිතා ඉදිරියේ දණ නමා වඳින ආකාරයෙන්  සකසන ලද පුවරුද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්.

මෙය නැරඹීම සඳහා කොයිම්බටෝර් වෙත විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වෙයි . ජයලලිතා  ජයරාම් මහත්මියගේ උපන්දිනය පෙබරවාරි 24 දිනට යෙදී තිබු අතර  උපන්නේ 1948 වසරේදීයි .

ඇය ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ඉදිරි මැතිවරණය සඳහා සුදානම් වන අතර පහළොස්වන ලොක් සභාව අවසන්වීමට නියමිතව ඇත්තේ මැයි මස තිස් එක්වන දිනයි .ලොක් සභාව මන්ත්‍රීවරු 543 දෙනෙකුගෙන් සමන්විතවන අතර බලය පිහිටුවීම සඳහා ආසන 273 ක් දිනාගත යුතුවෙයි.

Rate this item
(2 votes)