April 26, 2024

ජපානයේ නව අගමැතිවරයා ලෙස යොෂිහයිඩ් සූගා තේරී පත්වෙයි

September 14, 2020

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ ෂින්සෝ අබේ මහතාගෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහයිඩ් සූගා තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

71 හැවිරිදි සුගා මහතා වත්මන් පරිපාලනයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස සේවය කළ අතරම බොහෝ දෙනා ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇතැයි විශ්වාස කළේය.

ඔහු අබේ මහතාගේ සමීප මිතුරෙකු ලෙස සලකනු ලබන අතර ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කරනු ලබයි.

කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපී) අග්‍රාමාත්‍ය ධුරය සඳහා වූ ඡන්දය සුගා මහතා විශාල ඡන්දයකින් ජයග්‍රහණය කළ අතර, ව්‍යවස්ථා සම්පාදකයින්ගෙන් සහ ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් ඡන්ද 534 න් 377 ක් ලබා ගත්තේය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් වූයේ හිටපු විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා සහ හිටපු එල්ඩීපී මහලේකම් සහ ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ ෂිගෙරු ඉෂිබා ය.

පක්ෂය සිය නව නායකයා තෝරාගෙන ඇති හෙයින්, බදාදා පාර්ලිමේන්තුවේදී තවත් ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත. එල්ඩීපීයේ බහුතරය නිසා සුගා මහතා අගමැති ධුරයට පත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

2021 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය තෙක් සුගා මහතා ධුරයේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2020 17:23