April 26, 2024

ජනතා අරමුදල් කොල්ලකෑ හිටපු මැලේසියානු අගමැතිට ඓතිහාසික නඩු තීන්දුවක්

 මැලේසියාවේ සුප්‍රසිද්ධ නඩු විභාගයක් වූ 1MDB නඩු විභාගයෙන් එරට හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා 07කට වැරැදිකරු ලෙස අද එරට උසාවිය මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.

1MDB ආයෝජන අරමුදල ඩොලර් බිලියන ගණනින් කොල්ලකෑම සම්බන්ධයෙන් කළ පළමු දූෂණ නඩු විභාගයේදී හිටපු අගමැති නජිබ් රසාක් වැරදිකරු බව මැලේසියානු අධිකරණය අද (28) ප්‍රකාශ කළේය.

මෙම තීන්දුව ලැබුණේ නව රජයක් නජිබ්ගේ මැලේ පක්ෂය සමඟ බලයට පත්වී මාස පහකට පසුවය. 1MDB වංචාව පිළිබඳ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව දැඩි ජනතා අප්‍රසාදයක් සහ විරෝධයක් තිබූ අතර ඒ නිසාම ඔහුගේ රජය 2018 දී බලයෙන් පහ කිරීමටද ජනතාව කටයුතු කර තිබුණි. 

විනිසුරු මොහොමඩ් නස්ලාන් ගසාලි සිය තීන්දුව කියවීමට පැය දෙකක් ගත කිරීමෙන් පසු “චූදිතයා වැරදිකරු බව" ප්‍රකාශයට පත් කර තිබේ.

සුප්‍රසිද්ධ දේශපාලන පවුලකින් පැවතගෙන එන 67 හැවිරිදි නජිබ් අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පවසා තිබූ අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා වංචනික බැංකුකරුවන් විසින් තමන්ව නොමඟ යවා ඇති බවත් ඔහුට එරෙහිව මෙම ගෙන යන නඩුව දේශපාලනික බවත්ය.

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව තවත් නඩු 47ක් විභාගයේ පවතින අතර ඉන් 07කට පමණක් ඔහු වැරදිකරු වී තිබේ. එම නඩු සියල්ලටම වැරදිකරු වුවහොත් ඔහුට දීර්ඝ කාලයක් සිර දඬුවම් හිමිවනු ඇත.

මුදල් අයථා ලෙස පරිහරණය, බදු මුදල් වංචා කිරීම, දේශපාලනික ප්‍රචාරණය සඳහා අල්ලස් මුදල් ගැනීම වැනි බොහෝ මූල්‍ය චෝදනා රැසකට හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා ලැබ සිටියි.

මෙය මැලේසියානු ඉතිහාසයේ සුවිශේෂ නඩු තීන්දුවක් ලෙසද වාර්තා අතරට එක්විය.

Rate this item
(0 votes)