April 26, 2024

ඇමෙරිකාව චීනයෙන් ඉන්දියාව දෙසට හැරෙයි - ඇපල් සමාගම ඉන්දියාවේ නිෂ්පාදන කටයුතු අරඹයි ද?

ඇමෙරිකාව සහ චීනය අතර පවතින බල දේශපාලන සහ ආර්ථික ගැටුම් හේතුවෙන් ලෝකයේ ප්‍රමුඛතම සහ විශාලතම දුරකථන සහ පරිගණක නිෂ්පාදන ආයතනයක් වන ඇපල් සමාගම චීනයෙන් ඉවත් වී ඉන්දියාව තුළ තමන්ගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදානමක් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත් ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් සහ ඉන්දියානු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවන් ද සිදුව ඇති බවට සඳහන්.

ඇපල් සමාගම ඉන්දියාවේ තම නිෂ්පාදනය ආරම්භ කළහොත් එය ඉන්දියාව තුළ සිදුවෙන විශාලතම අපනයනයක් සිද්ධ කරන සමාගම බවටද පත්වනු ඇති බව ආර්ථික පර්යේෂකයන් පේනවා දෙයි.

ඇපල් සමාගම ඉන්දීයාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක් පමණ වටිනා ජංගම දුරකථන නිෂ්පාදනයක් සිදු කිරීමට නියමිතය.

Rate this item
(0 votes)