May 08, 2024

ඉන්දියාවේ විනාඩි කිහිපයක් තුළ සියලුම දුම්රිය ටිකට් පත් අලෙවි වෙයි

ඉන්දියාවේ අභ්‍යන්තර දුම්රිය සේවා මාර්ග 15ක අද (12) සිට දුම්රිය ගමන් යළි ආරම්භ කරනු ලැබීය. ඊයේ (11) දිනයේ හවස් කාලය වෙන විට දුම්රිය ප්‍රවේශ පත්‍ර මගීන්ට ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබුණු අතර ඉන්දීය දුම්රිය දෙපාර්තුමේන්තුව පවසන්නේ විනාඩි කිහිපයක් තුළ විශාල දුම්රිය ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් අලෙවි වු බවයි. පැය 03ක කාලයක් තුළ දුම්රිය ප්‍රවේශ 30,000ක් අලෙවි වූ බවද ඔවුන් සඳහා කර සිටියා.

ටිකට් පත් මේ තරම් වේගයෙන් අලෙවි වීමට හේතුව ලෙස එරට දුම්රිය දෙපාර්තුමේන්තුව පවසන්නේ මාස 02ක කාලයක් සඳහා දුම්රිය ගමනාගමනය සම්පුර්ණයෙන්ම වසා දමා තිබීමයි. අද දිනයේ සිට ප්‍රධාන නගර 15ක් සඳහා දුම්රිය ගමන් යළි ආරම්භ කිරීම සිදු විය.

Rate this item
(0 votes)