April 27, 2024

ඇමැතිට කැස්ස - කොරෝනා ​සඳහා පරික්ෂණයක්

ඕස්ට්‍රේලියානු රජයේ භාණ්ගාර ප්‍රධානීයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් එරට පාර්ලිමේන්තුවේ දී රටේ ආර්ථිකය පිළිබඳව පවත්වනු ලැබූ දිර්ඝ ප්‍රකාශයේ අවස්ථා කිහිපයක දී ඇති වූ කැස්ස නිසා ඔහුව කොරෝනා වෛරසය සඳහා පරික්ෂාවකට යොමු කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ දිර්ඝ කතාවේ වාක්‍ය අවසන් කිරීමට නොහැකිව අවස්ථා කිහිපයකම කැස්ස නිසා අපහසුතාවයට පත් වූ බවද සඳහන්. මේ වන විට අමාත්‍යවරයා කොරෝනා වෛරස් පරික්ෂාවට ලක් කොට ඇති අතර පරික්ෂණයේ ප්‍රතිඵල හෙට දිනයේ දී නිකුත් කිරීමට නියමිත බවද සඳහන් වෙයි. ඔහු මේ වන විට හුදෙකලාව සිටි. 

ඔහු කැස්ස නිසා අපහසුවෙන් කතා කරන ආකාරය ට්විටර් සමාජජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ මෙලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 May 2020 13:12