April 26, 2024

චීනයේ සිසුන්ගේ ශරීර උෂ්ණත්වය දැන ගන්න ස්මාර්ට් අත් පළඳනාවක්

චීනයේ බිජීං නුවර පාසල් සිසුන්ගේ ශරීර උෂ්ණත්වය දැන ගැනීමට හැකි ස්මාර්ට් අත් පළඳනාවක් ලබා දීමට චීන බලධාරීන් තීරණය කර තිබේ. චීනයට බලපෑ කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමෙන් පසුව ප්‍රථම වරට පාසල් විවෘත කිරීමේ දී ආරක්ෂිත පියවරක් ලෙස මෙම ස්මාර්ට් අත් පළඳනා ලබා දීමට චීන බලධාරීන් තීරණය කර තිබේ. 

මෙම ස්මාර්ට් අත් පළඳනාවේ ඇති සංවේදකයක් මඟින් සිසුන්ගේ ශරීරයේ එම මොහොතේ පවතින උෂ්ණත්වය දැන ගැනීමට හැකියාව තිබෙන අතර එහි දත්ත ගුරුවරුන්ට තමන්ගේ දුරකථන හා ලැප්ටොප් පරිගණක ඔස්සේ පරික්ෂාවට ලක් කිරීමට හැකියාවද ඇත. මෙහිදී දරුවන්ට කිසිදු ආකාරයක කරදරයක් හෝ බධා කිරීමකින් තොරව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමට අවකාශය ලැබේ.

Rate this item
(0 votes)