April 26, 2024

නාවිකයන් බේරා ගන්න ඉක්මණ් පියවර ගන්න යැයි පැවසූ නිසා ඇ.එ.ජ නාවික හමුදා අණ දෙන නිලධාරියෙකු සේවයෙන් ඉවත් කරයි

ඇමෙරිකානු එක්සත් ජනපදයට අයත් ප්‍රහාරක යානා ගෙන යන යුධ නෞකාවක් වෙන තියඩෝර් රූස්වෙල්ට් නෞකාවේ අණ දෙන නිලධාරීයා වූ කපිතාන් බ්‍රෙට් ක්‍රොසියර්ව මෙලෙස සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඔහුව ඉවත් කිරීමට හේතුව වී තිබෙන ඔහු විසින් එරට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ එක්සත් ජනපද නාවික හමුදාවට ලිපියකින් කරන ලද ඉල්ලීමක් මුලික කරගෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඔහු විසින් පිටු 04කින් යුතු දිර්ඝ ලිපියකින් පවසා තිබුණේ තමන්ගේ නෞකාව තුළ නාවිකයන් කොරෝනා වෛසරය නිසා පීඩා විඳින බවයි. මේ වන විටත් 100 දෙනෙකුට පමණ රෝගය වැළැඳී ඇතිබව පවසා තිබුණු ඔහු එයට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පවසා තිබුණා. ඔහුගේ ලිපිය තුළින් තවත් කියා තිබුණේ නාවිකයන් 4000ක් ඉතාමත් සමීප ඉඩක හැසිරෙන නිසා මෙය ව්‍යාප්ත වීම වේගවත් විය හැකිබවයි. ඔහු ලිපිය තුළ "අපි යුද්ධයක නෙමෙයි ඉන්නේ - සෙබළුන්ට මිය යන්න දෙන්න බැහැ" ලෙසද පවසා තිබුණා. එමෙන්ම ඔහු විසින් රෝගය වැළැඳී නැති සෙබළුවන් නෞකාවෙන් ඉවත් කර ගන්නා ලෙසද ඉල්ලා තිබුණා. ඔහු දිගින් දිගටම මෙම ඉල්ලීම කර තිබු බව සඳහන් වෙනවා.

San Francisco Chronicle පුවත්පතේ ද පළ වී තිබූ බව සඳහන් වෙනවා.

එක්සත් ජනපද ඇමෙරිකාව මෙම ලිපියට පිළිතුරු දීමක් වශයෙන් කර තිබුණේ එම ලිපිය මාධ්‍ය වෙත ලබා දීමට එරෙහිව පියවර ගැනීමක් ලෙස කපිතාන් ක්‍රොසියර්ව සේවයෙන් පහ කර තිබුණා. එමෙන්ම ඔහුගේ ඉවත් කිරීම ගැන සඳහන් කරමින් බලධාරීන් පවසා තිබුණේ කපිතාන්වරයා සම්පුර්ණයෙන්ම අණ දීමේ ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කර ඇති බවයි. ඔහුගේ ප්‍රකාශය තුළ නාවික හමුදාව සහ රජය ඔවුන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරන බවට මතයක් නිර්මාණය කිරීමට උත්සහ කර ඇතිබවද බලධාරීන් විසින් පවසා තිබුණා. ඔවුන් පෙන්වා දෙන්නේ එය සත්‍යයක් නොවන බවයි.

Rate this item
(1 Vote)