April 27, 2024

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට යොමු වෙයි

ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයා වන යාකොව් ලිට්ස්මාන් සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය වැළැඳී ඇතිබවට තහවුරු වීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා ද ස්වයං නිරෝධායනයට යොමු වීමට තීරණය කර ඇති බව සඳහන්. මීට අමතරව තවත් බොහෝ අමාත්‍යවරුන් පිරිසක් ද ස්වයං නිරෝධායනය සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් ඇතිබවට වාර්තා වෙයි. ඒ අතරට මොසාඩ් සංවිධානයේ ප්‍රධානීයාද සිටින බව ඊශ්‍රායල මාධ්‍ය සඳහන් කර තිබුණා.

සෞඛ්‍ය ප්‍රතිපාදන සැකසීමේ දි හා සාකච්ඡාවල දී මෙම පිරිස හමු වී තිබීම නිසා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වී ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Rate this item
(0 votes)