April 26, 2024

"නීති කඩනවා නම් වෙඩි තියලා දාන්න" - පිලිපීන ජනපතිගෙන් දැඩි නියෝග

පිලිපීනය තුළ මේ වන විට දැඩි නිරෝධායන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින අවස්ථාවක ඒවා කඩකරමින් විරෝධතා කරන පිරිස් හට වෙඩි තබන ලෙස පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ එරට පොලීසියට සහ හමුදාවට නියෝගයක් ලබා දී ඇතිබවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙයට හේතුව වී තිබුණේ වාමාංශික කණ්ඩායමක් විසින් මැනිලා නුවර මෙට්‍රෝ හී ආහාර බෙදා හැරීමක් සම්බන්ධයෙන් විරෝධාතයක් දියත් කිරීමයි. මේ නිසා පිලිපීන ජනාධීපතිවරයා මෙම දැඩි නියෝගය ගෙන ඇතැයි වාර්තා වේ.

ඊයේ (01) රාත්‍රීයේ එරට රූපවාහිනී සේවයක් ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා පොලීසියට සහ හමුදාවට පවසා තිබුණේ "ගැටුමක් ඇත්නම් සහ ඔවුන් සටන් කොට ඔබේ ජීවිත අනතුරේ හෙළන අවස්ථාවක් තිබේ නම්, ඔවුන්ට වෙඩි තබා මරා දමන්න" ලෙසයි. පිලිපීන ජනාධිපතිවරයා එරට මත්ද්‍රව්‍ය විරෝධි සටනක් මෙහෙය වන අතර එහිදී ගන්නා ලද දැඩි ක්‍රියා මාර්ග නිසා ලෝකයේම අවධානයක් ද ඔහු වෙතට හිමි වී තිබේ.

සමාජජාල ඔස්සේ පිලිපීන ඇඳිරී කඩ කරන්නන් සුනඛ කූඩුවල දමා තිබෙන ඡායාරූප ප්‍රචාරය වීමත් සමඟ ලෝකයේ මානව හිමිකම් සංවිධානයන් පවා පිලීපන පාලනයට තමන්ගේ විරෝධය සහ කනසල්ල පළ කර තිබුණි. ඇඳිරී නීතිය කඩ කළ 70,000ක පිරිසක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බවද පිලිපීන පොලීසිය පවසා තිබුණා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 02 April 2020 10:15