April 27, 2024

ලෝක ප්‍රසිද්ධ ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ රංගන ශිල්පියෙකු කොවිඩ්-19 හේතුවෙන් මිය යයි

ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන ස්ටාර් වෝර්ස් චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දුන් ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ හඬ පුහුණුකරුවෙකු වෙන ඇන්ඩ්‍රෘ ජැක් කොවිඩ්-19 රෝගය නිසා මිය ගොස් ඇතිබව වාර්තා වෙයි. Star Wars චිත්‍රපටය පෙළේ Star Wars: Episode VII සහ Star Wars: Episode VIII, The Last Jedi යන චිත්‍රපට ද්වීතවයේ ඔහු Major Ematt චරිතය සඳහා දායකත්වය ලබා දී තිබුණා. එමෙන්ම ලෝක ප්‍රසිද්ධ නළු නිළියන්ගේ හඬ පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර තිබුණා.

එමෙන්ම "Guardians of the Galaxy," "The Lord of the Rings" සහ "The Avengers." හී ප්‍රධාන හඬ පුහුණුකරුවෙකු ලෙසද ඔහු කටයුතු කර තිබුණු අතර ඔහුගේ අහිමි වීම පිළීබඳව ලෝකයේ බොහෝ හොලිවුඩ් අධ්‍යක්ෂකරුවන් සහ නළු නිළියන් බොහෝ දෙනෙක් තමන්ගේ ශෝකය පළ කර තිබුණා.

ඊයේ (31) දින ඔහු බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්තයේ රෝහලක මිය යන විට 76 වෙනි වියේ පසු වුණා. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 April 2020 19:42