May 09, 2024

නිවෙස් නොමැතිව මාර්ගවල ජීවත් වෙන පිරිස් වෙනුවෙන් ජර්මනිය නේවාසිකාගාරයක් විවෘත කරයි

කොරෝනා වසංගතය යුරෝපය පුරා ව්‍යාප්ත වීමත් සමඟ යුරෝපයේ බොහෝරටවල් ආරක්ෂිත පියවර අනුගමන කරමින් සිටි. එහි එක පියවරක් ලෙස ජර්මනිය විසින් ප්‍රථමවරට නිවෙස් නොමැතිව මහා මාර්ගවල ජීවත් වෙන පිරිස් වෙනුවෙන් බර්ලීන් නුවර ටියර්ගාර්ටන් හී නව නේවාසිකාගාරයක් විවෘත කිරීමට කටයුතු කර තිබේ. 

මෙම නේවාසිකාගාරයේ 200ක පමණ පිරිසකට නේවාසික පහසුකම් ඇති අතර ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද ජර්මන් බලධාරීන් පවසා තිබුණා. සෑම කාමරයකම දෙදෙනෙකු සඳහා පහසුකම් සපයා ඇති අතර කාන්තාවන් සඳහා වෙනම තට්ටුවක් වෙන් කිරීමට කටයුතු කර ඇත. නිවාස නොමැති අය සඳහා නේවාසික පහසුකම් ලබා දෙන මෙන් බලධාරීන් කළ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලැබී තිබුණු අතර තවත් නේවාසිකාගාර ඉදිරියේ දී ලැබීමට නියමිත බවත් වාර්තා වෙනවා.

මේ වෙන බර්ලීන් නුවර වීදිවල ජිවත් වෙන පිරිස අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)