May 02, 2024

බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ වීඩියෝ ෆේස්බුක් ආයතනයෙන් ඉවත් කරයි

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් ගෝලීය වංසගත තත්ත්වයක් නිර්මාණය වී තිබිය දී නිරෝධායන ක්‍රියාවලිය සහ රෝගය ගැන වැරැදි මත ප්‍රචාරය කිරීම හේතුවෙන් ඔහුගේ වීඩියෝ කිහිපයක් තමන්ගේ සමාජජාල තුළින් ඉවත් කළ බව ෆේස්බුක් ආයතනය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා. ෆේස්බුක් ආයතනයට අයත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයන් හී පළ වී තිබුණු වීඩියෝ වගයක් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ තමන්ගේ ආයතනයේ සමාජ සම්මතයන්වලට විරුද්ධ බව ප්‍රකාශ කරමිනි.

මෙම ඉවත් කර තිබුණු වීඩියෝ තුළ ජනාධිපතිවරයා විසින් වසංගත තත්ත්වය අවතක්සේරු කොට තිබූ අතර සියලු දෙනාට ආර්ථිකය ගොඩ නැගීම සඳහා රජකාරීන් වෙත යන ලෙස බල කර තිබුණු බව සඳහන් වෙනවා.

මීට අමතරව ට්විටර් සමාජජාලය විසින් ද ජනාධිපතිවරයාගේ පණිවිඩ කිහිපයක් ද ගලවා ඉවත් කර තිබුණා. එයට හේතුව වී තිබුණේ එම පණිවිඩයන් තුළ අන්තර්ගතව ඇති දේ මහජන සෞඛ්‍ය අවදානමට ලක් කරමින් වෛරස් සම්ප්‍රේෂණය ඉහළ දැමීමට හැකි වැරැදි මත බවයි.

බොල්සොනාරෝ ජනාධිපතිවරයා පසුගිය දින කිහිපය පුරාවටම දිගින් දිගිටම වෛරස් වසංගතය පිළිබඳව අවතක්සේරු කරමින් කතා කළ අතර වසංගතය පාලනය සඳහා පියවර ගත් ඔහුගේම රජයේ බලධාරීන්ව හා නිලධාරීන්ව දෝෂාරෝපණය කළේය.

Rate this item
(0 votes)