April 27, 2024

ෆෝඩ් සමාගම දින 100කින් වෙන්ටිලේටර් 50,000ක් නිපදවන්නට සුදානම් වෙයි

ලෝක ප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගමක් වෙන Ford (ෆෝඩ්) සමාගම විසින් දින 100ක් තුළ වෙන්ටිලේටර් යන්ත්‍ර පනස්දාහසක් නිපදවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. GE (ජෙනරල් ඉලෙක්ට්‍රික්) සමාගම එක්ම මෙම ව්‍යාපෘතිය කිරීමට තමන් සුදානම් බව ෆෝඩ් සමාගම නිල නිවේදනයක් මඟින් දැනුම් දී තිබුණා. ස්වේඡාවෙන්ම සේවකයන් 500 දෙනෙකු මෙම කාර්ය සඳහා එකතු වී ඇත.

අප්‍රේල් මස 20 වැනිදා මෙම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර අවශ්‍යතාවය අනුව මාසයකට යන්ත්‍ර 30,000ක උපරිම ධාරිතාවයක් ලබා දිය හැකි බවද එම සමාගම් පේනවා දෙයි.

Rate this item
(0 votes)