April 26, 2024

ජනපති ට්‍රම්ප් විශේෂ පනතක් අත්සන් තබයි - මිලියනයක බලකායක් රැස් කරයි

ඇමෙරිකානු එක්සත් ජනපදයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය සහාය ගැනීම සඳහා එරට යුද්ධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක බලකායන්වල මිලියනයක පිරිසක් රැස් කිරීම සඳහා බලතල ලබා ගැනීම වෙනුවෙන් විශේෂ පනතකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇතිබවට වාර්තා වෙයි. එම රැස් කරන පිරිස පෙන්ටගනයේ සහ එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බවද දැනුම් දී තිබේ. 

ජනාධිපතිවරයා මේ වෙන විට උපරිම විධායක බලතල යොදාගනිමින් වසංගත තත්ත්වයන් පාලනයට කටයුතු කරමින් සිටි. ඔහු විසින් මීට පෙරද විශේෂ ආරක්ෂක පනතක් මඟින් එරට සියලුම වාහන ඇතුළු නිෂ්පාදනය ආයතනයන්ට නියෝග ලබා දිය හැකි බලතල පනතක්ද අත්සන් තබා ක්‍රියාත්මක කළේය.

Rate this item
(0 votes)