April 27, 2024

ජී20 සමුළුවෙන් ලෝකයට ඩොලර් ට්‍රිලියන 05ක්

නව කොරෝනා වෛරසයෙන් දැනට අර්බුදයකට මුහුණ දී ඇති ලෝකයාට .ඩො. ට්‍රිලියන 05ක් ලබා දීමට ජී20 ලෝක සමුළුවේ නායකයින් විසින් තීරණයකට එළැඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔවුන් සියලු දෙනා වීඩියෝ ඇමතුම් මඟින් සමුළුව පවත්වා මෙම තීරණවලට එළැඹ තිබුණි.

ජී20 සමුළුව නිර්මාණය කළ 2008-2009 කාල සීමාව තුළ අද දක්වා පැවැති සියලු සමුළුවලට වඩා ලෝක නායකයන් මෙම සමුළුවේ දී සාමූහිකව කටයුතු කළ බව සඳහන්. කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට පහසුකම් සැපයීමත් හා සෞඛ්‍ය කටයුතු ඉහළ දැමීමට මෙම අරමුදල වෙන් කරනු ඇත. මෙහිදී විවිධ රටවලට පනවා ඇති වෛද්‍ය සැපයුම් අපනයන හා ආනයන තහනම් පිළිබඳවත් සාකච්ඡා වූ අතර ඒවා පිළිබඳව ලිහිල්ව කටයුතු කිරීමට ඔවුන් සාකච්ඡා කළ බව සඳහන් වෙනවා.

අප්‍රිකානු කලාපයේ සරණාගතයින් ලෙස සිටින පිරිසට කොරෝනා වෛරසයෙන් ඇති අවදානම් සහගත බව තේරුම් ගත් ජී20 ලෝක නායකයින් ඒ පිළිබඳව තමන්ගේ කනස්සල්ලද ප්‍රකාශ කරමින් පවසා තිබුණේ ලෝකයේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කළ යුතු බවයි.  ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙම වසංගතයෙන් ආර්ථික බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ඉලක්කගත මූල්‍ය ප්‍රතිපත්තිය, ආර්ථික ක්‍රියාමාර්ග සහ ඇපකර යෝජනා ක්‍රමවල කොටසක් ලෙස ගෝලීය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 5 කට අධික ප්‍රමාණයක් එන්නත් කරන බවයි

ලෝක සෞඛ්‍ය සංවිධායන ඇතුළු අනිකුත් සියලු ජාත්‍යන්තර සංවිධානයන් සමඟ එක්ව කොරෝනා උවදුර මැඩපැවැත්වීමට කළ සියලු දේ කිරීමට කැප වෙන බවද ජී20 සමුළුවේ නායකයින් ප්‍රකාශ කර සිටියා.

Rate this item
(0 votes)