April 27, 2024

චාර්ල්ස් කුමරුහට කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමිකුමරු වන චාර්ල්ස් කුමාරයා හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 71 වැනි වියේ පසුවෙන චාර්ල්ස් කුමරු හට ‌‌කොරෝනා ආසාදනව වීමේ ලක්ෂණ ‌පෙන්නුම් කරන බව සඳහන් ‌වේ.

මේ වන චාර්ල්ස් කුමරුන් හට කොරෝනා වෛරස් ආසාදනයේ මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වාර්තා වෙන්නේ. ඔහුට බරපතල තත්ත්වයක් නොමැති බවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් චාර්ල්ස් කුමරුගේ ප්‍රකාශයෙක් සඳහන් කර සිටියා. 72 වෙනි වියේ පසුවෙන කෝන්වෝල් ආදිපාදිවරිය කැමිලා පාකර් කුමරිය ද රෝග පරික්ෂණ සඳහා යොමු කළත් ඇයට වෛරසය ආසාදනය වී නොමැති බව වාර්තා වෙනවා. චාර්ල් කුමරු පහුගිය සති කිහිපය තුළ නිවසේ ක්‍රියාකාරම්වලට යොමු වී සිටි බව සඳහන්. කුමරු පොදු ක්‍රියාවලියන්වලට මැදිහත් වී සිටි නිසා වෛරසය ආසාදනය වීම කාගෙන් සිදු වූවාද යන්න නිශ්චිතව පැවැසිය නොහැකි බවද කුමරුගේ ප්‍රකාශයෙකු කියා සිටියා.

මේ වෙන විට චාර්ල්ස් කුමරු හා කැමිලා පාකර් කුමරිය හුදකෙලාව කාලය ගත කරන බවයි වාර්තා වෙන්නේ. 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 25 March 2020 16:32