April 26, 2024

බිලියන 1.3ක් සමඟ ඉන්දියාව ලොක්ඩවුන් කරයි

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නව කොරෝනා වෛරසය පාලන කිරීම සඳහා ඉන්දියාවට බලාත්මක වෙන ලෙස ලොක්ඩවුන් කර ඇති බව බීබීසි ජාත්‍යන්තර පුවත්පත් සේවය වාර්තා කරයි. ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට බලාත්මක වෙන  ලෙස මෙලෙස දින 21 සඳහා ඉන්දියාව ලොක්ඩවුන් කර ඇත. ලොක්ඩවුන් කිරීම ගැන අදහස් දක්වමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා තිබුණේ "කිසිවෙකුටත් නිවෙසන් පිටතට යාම තහනම්" බවයි. ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ ලෝකයේ  සෞඛ්‍ය සේවය සංවර්ධයන වී ඇතිරටවල් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉතාලිය වැනි රටවල් ද දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බවයි.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා කිසිවෙකුට කලබල නොවෙන්නැයි ඉල්ලා සිටියද, ඉන්දියානු ජනතාව නව දිල්ලි නුවර, ඇතුළු ඉන්දියාව පුරා තිබෙන සියලු වෙළෙඳසැල්වලට පිරී සිටි බව සඳහන්. ඉන්දියානු මාධ්‍යවේදින් ප්‍රශ්න කර තිබුණේ මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් දේවල් මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන්නේ කෙසේද යන්නයි.

ඉන්දියාව තුළ මේ වෙන විට කොරෝනා ආසාදනයන් තහවුරු වී ඇති 519ක් සොයාගෙන ඇති අතර මරණ 10ක් වාර්තා වෙයි. ඉන්දියාව තුළ බිලියන 1.3ක ජනතාවක් සිටි. මෙම ක්‍රියාවලිය බලාත්මක කිරීමෙන් පසු ඉන්දියාවද, වෛරස් පාලනය සඳහා කිරීම සඳහා සමාන පියවර ගත් අනිත් රටවල් අතරට එක්වනු ඇත.

Rate this item
(0 votes)