ලෝකයේ ධනවත් ම පුද්ගලයා ලෙස සලකනු ලබන්නේ අැමසෝන් (Amazon) නිර්මාතෘවරයා වෙන ජෙෆ් බෙසොස් ය.
ජෙෆ් බෙසොස් මෙලෙස අමෙරිකානු ඩොලර් බිලියන 10ක ප්‍රධානයක් ලබා දීමට කටයුතු කර තිබුණේ දිනෙන් දින ඉහළ යන දේශගුණික විපර්යාස හේතුවෙනි.
ජෙෆ් බොසෙස් මෙම පරිත්‍යාගයෙන් පසු අදහස් දක්වමින් පවසා තිබුණේ දේශගුණික විපර්යාස නිසා ඇතිවෙන විනාශකාරී තත්ත්වයන් වැළැක්වීම සඳහා කරන පර්යේෂණ තවත් පුළුල් කළ යුතු බවයි. එමෙන්ම ඒවාට එරෙහිව නව ක්‍රමවේදයන් සොයා බැලීමට කටයුතු කළ යුතු බව පවසන ජෙෆ් වැඩිදුරටත් කියා තිබුණේ මෙම දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්‍රියාකාරන පිරිස් සමඟ තමාද සහයෝගයෙන් වැඩ කිරීමට කැමති බවයි.
ජෙෆ් බොසෙස් ලබා දුන් මෙම පරිත්‍යාගය දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන විද්‍යාඥයින්ට, පර්යේෂකයන්, සමාජ ක්‍රියාකරුවන් හා අනිකුත් සංවිධානයන් හි අභිවෘද්ධියට යොදවනු ඇත.
මීට පෙරද ඔහු නිවාස අහිමිව සිටින ජනතාව වෙනුවෙන් අ.ඩො. බිලියන 2ක පරිත්‍යාගයක් සිදුකර තිබුණි.
ජෙෆ් බොසෙස්ගේ ආදයමේ ලාභය අ.ඩො. බිලියන 130ක් ඉක්මවන බව වාර්තාවෙයි. ඔහු මෙලෙස පරිත්‍යාග කර තිබුණේ ඔහුගේ ආදායමෙන් 8%ක ප්‍රමාණයකි.