April 26, 2024

අකුණු පහරකින් දුර්ලභ වර්ගයේ ගොරිල්ලා සතුන් පිරිසක් මිය යයි

February 09, 2020

උගන්ඩාවේ මගහින්ගා ජාතික උද්‍යානයේ දී අකුණු පහරක් හේතුවෙන් දුර්ලභ වර්ගයේ ගොරිල්ලා සතුන් 04 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ හයර්වා ලෙ⁣සින් හඳුන්වන ගොරිල්ලා පවුලේ සමාජිකයන් හතර දෙනෙකි. මිය ගිය සතුන් අතර ගැබ්බරව සිටි ගැහැනු ගොරිල්ලාවෙකු ද සිටින බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා. විදුලි සැර නිසා ඇති වු තත්ත්වය මත මෙම සතුන් මිය ගොස් තිබුණා.



රුවන්ඩාවේ සිට දේශ සීමා ඔස්සේ උගන්ඩාවට සංක්‍රමණය වු මෙම හයර්වා ගොරිල්ලා පවුලේ සාමාජිකයන් 17 දෙනෙකු පමණක් සිටින බවයි වාර්තා වන්නේ. උගන්ඩාවේ වන ජීවි දෙපාර්තුමේන්තුව කියා සිටින්නේ එය දැවැන්ත පාඩුවක් මෙන්ම කනගා⁣ටු දායක සිදුවීමක් බවයි.

එමෙන්ම ලෝකයේ බොහෝ ගොරිල්ලා සතුන් ගැන පර්යේෂන හා අධ්‍යනය කරන පිරිස් මෙම සිදුවීම පිළිබඳව තමන්ගේ ශෝකය ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙනවා.

Rate this item
(0 votes)