May 08, 2024

කලාමැදිරියන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දෙයි - සංචාරකයන්ට වරද පැ⁣ටවෙයි

February 09, 2020

ලෝකයේ සංචාරක කර්මාන්තය විවිධ දේවල් සමඟ බැඳී පවතී. ඒ අතරින් ලෝකයේ බොහෝ සංචාරකයන්ගේ වඩාත්ම සිත් ගන්නා සුළු ඉසව්වක් වන්නේ කලාමැදිරියන් නැරඹීමයි. කාලයක පටන් පැවැති සංචාරක ව්‍යාපාරයක් වූ මෙය දැන් ඉහළ අගයක සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබේ.

මෙම හේතුව නිසාම කලාමැදිරියන්ගේ පැවැත්මට දැඩි බාධාවක් එල්ලී ඇති බව ද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

Lampyridae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කලාමැදිරියා (Firefly) කාගෙත් සිත් ගන්නා සුළු කෘමියෙකි. ජෛව සන්දීප්තිය (Bioluminescence) යන ක්‍රියාවලිය මඟින් දීප්තිමත් අලෝකයක් නිපදවීමට හැකියාවක් ඇති මෙම කෘමියාව රාත්‍රී කාලයේ දී පැහැදිළිව හඳුනාගත හැකිය. විශාල ප්‍රමාණයක් එකට සිටින නිසා එය බැලීමට සුන්දර දර්ශනයක් ද වෙයි.

මෙම හේතුව නිසා අමෙරිකාව, මෙක්සිකෝව ,තායිලන්තය, මැලේසියාව, තායිවානය සහ පිලිපීනය වැනි කලාමැදිරියන් විශාල වශයෙන් වෙසෙන රටවල කලාමැදිරි සංචාරක කර්මාන්තය ඉහළින්ම පවතින බව සඳහන් වෙනවා. ඒ සඳහා වෙනම ස්ථානයන් ද පවතින බවත් සඳහන් වෙනවා.


සාමාන්‍යයෙන් වසරකට මැලේසියාවට 80,000ක ප්‍රමාණයක් ද, අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ග්‍රේට් ස්මෝකි කඳුකරයට 30,000ක් ද, තායිවානයට 90,000ක් ද, මෙක්සිකෝවට 100,000කට අධික ප්‍රමාණයක් ද සංචාරකයන් පැමිණෙන බවද සඳහන් වෙනවා. මෙය සාපේක්ෂව සෑම වසරකම ඉහළ යන බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මෙසේ ඉහළ යන සංචාරකයන් නිසා කලාමැදිරියන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් ද එල්ල වෙයි.

සංචාරකයන් විසින් දැඩි අලෝකයක් ගෙන දෙන ෆ්ලෑෂර් භාවිත කරමින් ඡායාරූප ගැනීමද මෙම කලා මැදිරියන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇති බව සඳහන් වෙනවා. එසේ ඡායාරූප ගැනීම තහනම් කර තිබුණත් සංචාරකයන් එම තහනම් පිළිගැනීමට සුදානම් නැති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම කලාමැදිරියන්ගේ පැවැත්මට දැඩි හානියක් ගෙන දෙන දෙය බවට පත්ව ඇත්තේ කලාමැදිරියන්ගේ වාස භූමි තුළ සංචාරකයන් ගමන් කිරීමයි.



කලාමැදිරි ගැහුනු කෘමියාට පියාපත් රහිත අතර එම එම කෘමින් ජීවත් වන්නේ භූමිය තුළ බව පර්යේෂකයන් පෙන්වා දෙයි. පිරිමි කලා මැදිරියා පියාසැර කරමින් දීප්තිමත් අලෝකයක් දල්වාගෙන ගැහැනු කෘමියන් ආකර්ෂණය කර ගන්නා බවද පෙන්වා දෙන පර්යේෂකයන් පවසන්නේ ප්‍රජනක ක්‍රියාවලියෙන් පසුව බිත්තර සමඟ සිටින ගැහැනු කෘමියන් සංචාරකයන්ට පෑගීම නිසා කලා මැදිරියාගේ පැවැත්මට දැඩි බලපෑමක් සිදුවන බවද පෙන්වා දෙනවා.

සංචාරකයන් අතින් නොදැනුවත් මේ දෙය සිද්ධ වුණත්, එය කලාමැදිරියන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා.

මෙම බලපෑමට වහාම පියවරක් නොගතහොත් කලාමැදිරියන්ගේ පැවැත්ම නැතිව ගොස් වඳ වී යනු ඇති බවද පෙන්වා දෙනවා. මෙය තහනම් කිරීම ද කළ නොහැකිව ඇත්තේ මෙම මඟින් විශාල විනිමයක් උපයා ගැනීමට හැකියාවක් පවතින නිසයි.

තායිවානය මේ වන විටත් පරිසර හිතකාමී ලෙස කලා මැදිරියන් බැලීමට හැකි ලෙස නීති සම්පාදනය කර ඇති බවත් සඳහන් වෙනවා. එමෙන් ම මෙම වසර තුළ දී පර්යේෂකයන් විසින් කලාමැදිරියන් රැක ගනිමින් කලාමැදිරි සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දීමටද සුදානම් වෙන බව සඳහන් වෙනවා.

Rate this item
(1 Vote)