April 27, 2024

නව කොරෝනා වෛරසයට බිඳ දැමීමට නොහැකි වූ චීනයේ වුහාන් ජන ජීවිතය (VIDEO)

චීනයේ වුහාන් ප්‍රදේශයේ මේ දිනවල ලෝකයේ වැඩි පුරම භාවිතයට ගන්නා වචනවලට ඇතුළත් ව ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ඒ එම ප්‍රදේශයෙන් ආරම්භ වු නව කොරෝනා (2019-nCoV) වෛරසය නිසාය.

වුහාන් ප්‍රදේශය මේ වන විටත් පිටත ලෝකයට අගුලු දමා වසා දමා අවස්නය. ඒ නව කොරෝනා වෛරසය පිටතට පැමිණිම වැළැක්වීම සඳහාය. වුහාන්වල ජීවත් වෙන ජනතාවට තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටින්නට යැයි චීනය පාලනය අණ ලබා දී ඇත.

වුහාන් ප්‍රදේශය මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන්නේ චීන වැසියන් වසරක් තුළ සමරන වැදගත්ම උත්සව අවස්ථාවකය. ඒ චන්ද්‍රයාගේ අවුරුදු උදාව (Lunar New Year) දිනයේ දීය.

මෙම දිනයේ දී චීන වැසියන් අසල්වාසීන් සමඟ සතුටු වෙමින් ආහාර පාන බෙදා ගනිමින් විනෝදයට පත්වෙයි. නමුත් මෙවර එය වුහාන් වැසියන්ට උදා නොවුණේ නොසිතු ලෙස නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟය.

චීන පාලනය වුහාන් වැසියන්ට නිවෙස්වලම රැඳි සිටින්නට පවසා තිබුණත් චීන වැසියන් චන්ද්‍රයාගේ නව අවුරුදු උදාව සැමරීමට කටයුතු කළෝය. ඒ වෙනස්ම විදියකටය.

තමන්ගේ නිවැස් තුළම සිටගෙන වුහාන් ජනතාව Wuhan jiayou...!! Wuhan jiayou...!! (ශක්තිමත්ව සිටින්න වුහාන්...!!) යැයි මහා හඬින් ප්‍රිතී ඝෝෂා කරන්නට විය. තමන්ගේ මව්බිමට ජය වේවා යැයි කෑගසන්නට විය, ගීත ගයන්නට විය. මෙය එක් වුහාන් වැසියෙකු විසින් පටිගත කොට අන්තර්ජාලයට මුදා හැරියේය.

එම ප්‍රිතී ඝෝෂාව හිස්ව තිබූ විදී පුරාවටම මං පෙත් පුරාවටම රැව් පිළිරැව් දෙන්නට පටන් ගත්තේය.
අන්තර්ජාලය තුළින් මෙය දු⁣ටු ලෝකයේ බොහෝ පිරිසක් වුහාන් වැසියන්ගේ ජීවගුණය, ධෛර්ය ගැන ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට පටන් ගත්තේ ය.

නව කොරෝනා වෛරසය වුහාන් ජීවිත 100ක් බිලි ගනිද්දී, තවත් ජීවිත 4500කට අධික ප්‍රමාණයක් ජීවිත අවදානමකට ලක් කරද්දී වුහාන් වැසියන්ගේ ධෛර්යමත් භාවය සැබැවින්ම පුදුම සහගතය.

Rate this item
(4 votes)